දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව යනු
දේශීය ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම, දිරිමත් කිරීම සහ ඔවුන් ව්‍යවසායකත්ව හා තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීම තුළින් නව ව්‍යාපාරික ලෝකය හා ජාත්‍යන්තරය තුළ එක්ව අභිමානවත් ලෙස නැගී සිටිය හැකි ශක්තිමත් සහ පරිපුර්ණ දේශීය ව්‍යවසායක හා ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කීරිම අරභයා අප සංවිධානය ආරම්භ කරන ලදී.
හැඳින්වීම
සාමාජිකත්වය
විශේෂාංග
සභාපතිතුමාගේ පණිවිඩය
දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) වෙනුවෙන් 2021 අප්‍රේල් මාසයේදී අපගේ දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වෙමි. ඒමෙන්ම අප සභාව ආරම්භ කිරීමට මූලික හේතුව වූයේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් අගතියට පත් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටලුවලට විසඳුම් සෙවීමත් ඔවුන්ට අත හිත ලබා දීමටත්ය. මේ සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අප සමඟ එක්වී සිටින ව්‍යාපාරික සහ ව්‍යවසායක මහත්ම මහත්මීන් අපට ශක්තියක් වන අතර ඉදිරීයේදී අප සංවිධානය විසින් ක්‍රියාවට නැංවීමට බලාපොරෝත්තු වන වැඩපිළිවෙලවල් තුළින් ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.
ජී. මහේන්ද්‍ර පෙරේරා
සභාපති,
දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව
ලේකම්තුමාගේ පණිවිඩය
දේශීය ව්‍යාපාර සුරකීමේ සභාවේ ලේකම් ධුරය මා භාර ගත්තේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකයි. මා ලේකම් ධූරයට පත් වූ දින සිට දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් සඳහා අපගේ කවුන්සිලයේ විශාල වැඩ කොටසක් කිරීමට හැකිවීම මා ලද භාග්‍යයක් වන අතර ඉදිරියේදී එම කටයුතු සඳහා සභාව උපරිම සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමි. අපි ව්‍යවසායකයින් වෙනුවෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.
ලලිත් ලොකුගේ
ලේකම්
දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව
නවතම වැඩසටහන්
- පවතින ආර්ථික හා දේශපාලන වාතාවරණය තුළ ව්‍යවසායකයන්ගේ අභියෝගවලට විසඳුම් සෙවීමේ Zoom වැඩසටහන.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හිතාමතාම විනාශ කිරීමේ බැංකු සහ ලීසිං කුමන්ත්‍රණයට ඒරෙහිව නැගී සිටිමු Zoom තාක්ෂණය ඔස්සේ සිදු කළ වැඩසටහන
- දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව විසින් මෙහෙයවන ලද වෙළෙඳ ප්‍රදර්ශනය.
දේශීය ව්‍යවසායකත්වය නැංවීමට අප මෙතෙක් කල මෙහෙවර
මහ බැංකුව මඟින් වසංගත තත්ත්වය හමුවේ දේශීය ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් හට ලබා දුන් සහන බැංකු සහ බැංකු නොවන මුල්‍ය ආයතන මඟින් නිසි පරිදි ලබා නොදීමට එරෙහිව සහ මහ බැංකුව මඟින් බැංකු සහ බැංකු නොවන මුල්‍ය ආයතන නිසි පරිදි නියාමනය නොකිරීම යනාදි කරුණු වලට එරෙහිව මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට, මහ බැංකු අධිපති, මුදල් ඇමති, මුදල් අමාත්‍යංශයේ ලේකම්, බැංකු අධීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ, බැංකු නොවන මුල්‍ය ආයතනයන්හි අධ්යක්ෂ, ජනාධිපති ලේකම් යනාදී පාර්ශවයන් වග උත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණය ඉදිරියේ රීට් ආඥවක් ලබා ගැනීම සඳහා නඩු ගොනු කිරීම.