දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව
දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ ඉදිරි දැක්ම
-
දේශීය ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් හට ගැළපෙන පරිදි නව්‍යකරණය වූ සමුපකාර බැංකු ක්‍රමවේදයක් හඳුන්වා දී දීප ව්‍යාප්තව එම බැංකු ජාලය ස්ථාපනය කිරීම.
-
කාලීන අවශ්‍යතාවයක් වන රටට විදේශීය විනිමය ගෙන එම උදෙසා දේශීය අපනයනකරුවන් දෙදහසක් නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඔවුනට අපනයනය සඳහා අවශ්‍ය දැනුම හා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ව්‍යවසායකයන්ගෙන් රටට විය යුතු යුතුකම ඉෂ්ඨ කිරීම.
-
සියළු ක්ෂේත්රයන් ආවරණය වන පරිදි වෙන් වෙන් වශයෙන් ගෙන පුහුණු වැඩමුළු පවත්වමින්, ව්‍යවසායකයින්ගේ ව්‍යවසායකත්ව දැනුම වර්ධනය කිරීම උදෙසා සහ වත්මන් ලෝකයට ගැළපෙන පරිදි ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් බිහි කිරීම.
-
ව්‍යාපාරික නීතිමය ගැටළු, කම්කරු ගැටළු, ආදයම් බදු සම්බන්ධ ගැටළු, සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට උපදේශන අංශයක් අප සංවිධානය තුළ පිහිට වීම.
-
සාමාජිකයන් හට තම නිෂ්පාදන අලෙවි කිරීමට සහ තම නිෂ්පාදන සඳහා ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සඳහා සාමාජිකත්වය ජාලගත කිරීම.
-
දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් සමාජිකයන් බඳවා ගැනීම සඳහා සාමාජිකත්ව ප්‍රවර්ධන රැස්වීම් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කිරීම.
-
නව ඩිජිටල්කරණයට ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් යොමු කිරීම උදෙසා අවශ්‍ය දැනුම ලබා දෙමින් සහන පැකේජයන් යටතේ ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබා දීම.