දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව සහ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සහ සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ව්‍යවසායකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසි කිරීම, ලීසිං සහ අනෙකුත් ව්‍යවසායක ගැටළු සඳහා වන විරෝධතාවය අගෝ: 08 ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රය අසල දී පැවැත්වුණ අතර එම විරෝධතාවය අතුරතුර පොලීසිය විසින් බලහත්කාරයෙන් දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපතිතුමා ඇතුළු ව්‍යවසායකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර පසුදින පස්වරු 01.00 ඔවුන් සියළු දෙනාටම ඇප ලබා දෙන ලදි.