දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ 03 වන විශේෂ මහ සභා රැස්වීම සහ දිස්ත්‍රික් නායකයන් පත් කිරීමේ උත්සවය සැප්තැම්බර් මස 09 වන දින කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි. උත්සවය සඳහා ආරාධිතයන් වශයෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා, කොළඹ කොටස් හුවමාරු ආයතනයේ වාණිජ කටයුතු පිළිබඳ ජේෂ්ඨ උප සභාපතිනි පුණ්‍යමලී සපරමාදු මහත්මිය, දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ උපදේශකවරු වශයෙන් කටයුතු කරන සුරේශ් රාගවන් මහතා සහ සුරේෂ් අමරසේකර යන මහත්වරුන්ද සහභාගි විය. මෙහිදී දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපතිතුමා පසුගිය වසර 03 තුළ දේශීය ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන්හට සංවිධානයක් වශයෙන් ලබාදුන් ප්රතිලාභ සහ ඉදිරියේදී ව්‍යවසායකයන් නඟා සිටුවීම සඳහා දියත් කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල පිළිබඳ කරුණු පෙන්වා දෙන ලදි. ඒයට සමගාමිව උත්සවයට සහභාගි වු සියලුම ආරාධිතයන්ගේ මුඛය පරමාර්ථය වුයේ අර්බුද හමුවේ ව්‍යවසායකයන් ඉදිරියේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වශයෙන් දළ දේශිය නිෂ්පාදිතයට ලබා දිය හැකි දායකත්වය පෙන්වා දෙන ලදි. මෙයට ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් නායකයන් පත්කර ගත් අතර විශේෂයෙන් උතුරු - නැගෙනහිර පළාත් නියෝජනය කරමින් පැමිණ සිටි යාපනය, ත්‍රිකුණාමලය, වවුනියා, කිලිනොච්චි යන දිස්ත්‍රික්ක වලින් පැමිණි සිටි ව්‍යවසායක මහත්ම මහත්මින්ගේ සහභාගිවීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඊට අමතරව ව්‍යවසායකයන්ගේ පාර්ශවකරුවන් ලෙස පෙනී සිටින ආදීවාසි ජනතාවද මීට සහභාගී වීම සුවිශේෂි කරුණකි
Mr. Mahendra Perera Chairman of the National Trade Protection Council, pointed out the benefits given to local entrepreneurs and businessmen as an organization in the past 03 years and the program is expected to be launched to uplift entrepreneurs in the future. Along with that, the purpose of all the guests who participated in the event was to point out the contribution that entrepreneurs could make to GDP in the future as small and medium enterprises in the face of crises.
District leaders representing all the districts of Sri Lanka were appointed and, especially the participation of entrepreneurs from the districts of Jaffna, Trincomalee, Vavuniya, Kilinochchi who came representing the North-Eastern provinces is a remarkable feature. In addition, it is a special fact that the adivasi people who appear as stakeholders of the entrepreneurs also participate in this.