සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු පිළිබඳව පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාව දැනුවත් කිරීමේ අවස්ථාවක් ඊයේ දින දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවට උදා විය. මෙහිදී පැන නැඟී ඇති ගැටළු සහ ලබා දිය යුතු විසඳුම් සම්බන්ධයෙන් වාචිකව හා ලිඛිතව දැනුවත් කරන ලද අතර එම ගැටළු සම්බන්ධයෙන් ආංශික කාරක සභාව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ එම තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ක්‍රියාත්මක කිරීම මෙම වසර අවසාන වීමට පෙර සිදු කරනු ලබන බවට දැනුම් දෙන ලදි.