2023.10.13 වන දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ආසියානු සංවර්ධන බැංකුව හා සාකච්ඡාවක් පැවැත් වු අතර මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ අප රටේ ප්‍රධානියා සහ සියලු නිලධාරීන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා විශාල ශක්තියක් ලබා දෙන බවත් ආසියානු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අප රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ගේ ගැටලු විසදීම සදහා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙම මුදල National Credit Guarantee Institution හරහා සහ අපේ රටේ බැංකු පද්ධතියේ ඇති බැංකු 13ක් හරහා ප්රාග්ධනය ලෙස මෙය ලබා දෙන අතර එය තුළින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය ගැරන්ටි කිරීමේ වැඩපිළිවෙළක් සහ සහන පොලියකට ණය ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මීට පෙර අවස්ථා කිහිපයකදීම ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් හා කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් එකිනෙකා මුණ ගැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර එහි දී ඔවුන්ට ඇති ගැටලු අඩුපාඩු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. මීට පෙර රජයන් සමයේ රජයේ මැතිඇමතිවරු හා විදේශීය දූත පිරිස් අතර සාකච්ඡා සිදු වුවත් පළමු වරට සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට තම ගැටලු සෘජුවම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විදේශීය ආයතන වෙත යොමු කිරීමට අවස්ථාව ලැබීම සුවිශේෂී වේ. මෙසේ වට කිහිපයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් විපක්ෂ නායකවරයාගේ සම්බන්ධීකරණයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයනුත් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් සමඟ එකිනෙකා මුණ ගැසී සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ලැබිණි. එම මුදල් දෙසැම්බර් මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය. මේ අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ Takafumi Kadono මහතාත්, Santosh Pokharel (Unit head, Private Sector Development) මහතාත්, මූල්‍ය විශ්ලේෂක Uresha T. Walpitagama මහත්මියත් එක් විය.
According to Hon. Sajith Premadasa, the leader of the opposition, this amount was given as capital through the National Credit Guarantee Institution and through 13 banks in our nation’s banking system, and through it, it was possible to implement a loan guarantee program for small and medium-scale industrialists in this country as well as a program to obtain loans at a subsidized interest rate.
On several previous occasions, Hon. Sajith Premadasa, the leader of the opposition, arranged for the officials of the Asian Development Bank and the small and medium scale entrepreneurs to meet each other and there they were given the opportunity to discuss their problems and shortcomings. Although there have been discussions between government ministers and foreign delegations during previous governments, this is the first time that common, citizens and businessmen have the opportunity communicate their issues directly to foreign organizations like the Asian Development Bank.
As a result of several rounds of discussions held with the representatives of the Asian Development Bank, small and medium enterprises and businessmen in coordination with the leader of the opposition Hon Sajith Premadasa, this amount of 100 million US dollars is to be received in the month of December for the small and medium businessmen. .
Mr. Takafumi Kadono, Sri Lanka Director of Asian Development Bank, Mr. Santosh Pokharel (Unit head, Private Sector Development) and Ms. Uresha T. Walpitagama, financial analyst joined the event representing the Asian Development Bank.