රටේ පැවති ව්‍යසන තත්වයන් හේතුවෙන් අගතියට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට තම ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා අවශ්‍ය මූල්‍යමය සහන ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා වූ විශේෂ රැස්වීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් ලෝක බැංකුවේ නිලධාරීන් සහ දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ දින එනම් අගෝස්තු 17 වන දින විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. එහි දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් පසුගිය කොරෝනා කාලයේ තම ව්‍යාපාර හරියට කර ගෙන යාමට නොහැකි වීමත් පසුගිය රජයේ අකාර්යක්ෂම පාලනය නිස රට බංකොලොත් වීමත් නිසා තම ව්‍යාපාර පාඩු වූ බවත් ඒ නිසා ලබා ගත් ණය ගෙවීමට අපහසු වූ බවත් ණය ගෙවීම සදහා සාධනීය වැඩපිළිවෙළක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.