Russian Prod Expo 2022 යනු ආහාරපාන සම්බන්ධව ලොව පවත්වනු ලබන දැවැන්තම වෙළද ප්‍රදර්ශන අතුරින් ප්රමුඛස්ථානයක් ගනු ලබන වෙළද ප්‍රදර්ශනයකි. මෙම ප්‍රදර්ශනය පෙබරවාරි 07 -11 දක්වා පැවැත්විණි. ඒ සඳහා අපගේ සාමාජිකයන් සහභාගී වු අතර මෙම සංචාරයේදී, රුසියානු තානාපතිනිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සම්බන්ධ වීමට හා රුසියානු ව්‍යාපාරික හමුවට සහභාගි වීමට ද අප සභාවේ සාමාජිකයන්ට හැකියාව ලැබිණි. තවද රුසියානු තානාපති කාර්යාලය හරහා ජාත්‍යන්තර ගැණුම්කරුවන් හා සාකච්ඡා පැවැත්වීම තුළින් ඔවුන්ගේ නිශ්පාදනයන් සදහා ගැණුම්කරුවන් සොයාගැනීමටත්, නව නිශ්පාදන සහ තාක්ෂණයන් පිළිබද දැනුම ඒකරාශි කරගැනීමටත්, සාමාජිකයන්ගේ නිශ්පාදනයන් සඳහා ආයෝජකයින් හා නව ව්‍යාපාරික සබදතාවන් ගොඩනගාගැනීමටත් හැකියාව ලැබිණි