පසුගිය වසර කිහිපය තුළ රටේ පැවති ව්‍යසන තත්වයන් හේතුවෙන් අගතියට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට තම ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා අවශ්‍ය මූල්‍යමය සහන ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා වූ විශේෂ රැස්වීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් සමඟ අගෝස්තු 10 වන දින විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍යමය ගැටලු විසදීම සදහා ඔවුන්ගේම යෝජනා සහ අදහස් තුළින් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරෝත්තු වන බව එයට සහභාගි වු ආසියනු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිස විසින් ප්‍රකාශ කරන ලදි.