අප සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම තුළින් සමාජිකයන් හට ලැබෙන ප්රතිලාභ.
-
නව්‍යකරණය වු ව්‍යාපාරික ලෝකය තුළ සාර්ථක ව්‍යවසායකයෙකු හෝ ව්‍යාපාරිකයෙකු ලෙස නැඟි සිටීමට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වීමට හැකිවීම.
-
දීප ව්‍යාප්තව තම ක්ෂේත්රයේ සහ සියළු ව්‍යාපාර ක්ෂේත්රයන්හි නිරත වන ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගැනීමට හැකිවීම.
-
දීප ව්‍යාප්තව සිටින සමාජිකයන් තුළ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සිදුකර ගැණුම්කරුවන් සොයා ගැනීමටත්, අනෙකුත් සමාජිකයන් හා තම නිෂ්පාදන හුවමාරු කරගනිමින් සහ ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමට හැකියාව ලැබීම
-
සංවිධානය හරහා තම ව්‍යාපාරය සඳහා අයෝජනකරුවන් සොයා ගැනීමට හැකිවීම සහ විශේෂ පොලී අනුපාතිකයන් යටතේ සහනදායී ණය පහසුකම් සංවිධානයේ මැදිහත් වීම තුළින් රජයෙන් හා මුල්‍ය ආයතනයන් හරහා ලබා ගැනීමට අවස්ථාව සලසාදීම.
-
ව්‍යාපාරය පුළුල් කර ගැනීමට අවශ්‍ය සේවාවන් සහනදායී මිල ගණන් යටතේ සංවිධානය හරහා ලබා ගත හැකි වීම.
-
සතිපතා හා මාස්පතා පවත්වන වැඩමුළු තුළින් ව්‍යාපාර කරගෙන යාමේ ඇතිවන ඕනෑම ගැටළුවක් සඳහා සංවිධානය මඟින් පිහිටුවන උපදේශන අංශය හරහා උපදෙස් ලබා ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය සියළු සහයෝගය ලබා ගැනීමටත් හැකිවීම.