දේශීය ව්‍යවසායකත්වය නැංවීමට අප මෙතෙක් කල මෙහෙවර
-
මහ බැංකුව මඟින් වසංගත තත්ත්වය හමුවේ දේශීය ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් හට ලබා දුන් සහන බැංකු සහ බැංකු නොවන මුල්‍ය ආයතන මඟින් නිසි පරිදි ලබා නොදීමට එරෙහිව සහ මහ බැංකුව මඟින් බැංකු සහ බැංකු නොවන මුල්‍ය ආයතන නිසි පරිදි නියාමනය නොකිරීම යනාදි කරුණු වලට එරෙහිව මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට, මහ බැංකු අධිපති, මුදල් ඇමති, මුදල් අමාත්‍යංශයේ ලේකම්, බැංකු අධීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ, බැංකු නොවන මුල්‍ය ආයතනයන්හි අධ්යක්ෂ, ජනාධිපති ලේකම් යනාදී පාර්ශවයන් වග උත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණය ඉදිරියේ රීට් ආඥවක් ලබා ගැනීම සඳහා නඩු ගොනු කිරීම.
-
දේශීය ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් මුහුණ දී ඇති ගැටළු සඳහා විසඳුම් ලබා දීම උදෙසා සහ ඔවුනට නිතී උපදෙස් ලබා දීම උදෙසා දිවයිනේ ප්‍රවීණ නිතීඥ මහත්වරුන් සම්බන්ධ කර ගනිමින් සතිපතා ගැටළු නිරාකරණය කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
-
දැනුමින් සන්නද්ධ දේශීය ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයන් බිහි කිරීම උදෙසා සතිපතා දිවයිනේ ප්‍රවීණ ව්‍යාපාර උපදේශකවරුන් හා දේශකයන් සම්බන්ධ කර ගනිමින් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළු පැවැත්වීම.
-
ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයන් හට මරු පහරක් වී ඇති 1990 අංක 02 හා අංක 04 දරණ පරාටේ පනත් ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයන් හට ගැළපෙන පරිදි සංශෝධනය කර ගැනීම උදෙසා පක්ෂ, විපක්ෂ දේශපාලඥයන් සහ සියළු අදාළ බලධාරීන් දැනුවත් කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.